ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1493ක් කොටු

ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1493ක් හා වාහන 360ක් පොලිස් භාරයට

by Staff writer 04-04-2020 | 10:45 AM

COLOMBO ( News 1st ) - අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1493ක් හා වාහන 360ක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ අනුව අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 12,223 දක්වා ඉහළට ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.