ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-04-2020 | 7:45 AM
දේශීය පුවත් 1.උදයංග වීරතුංග පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග : ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ලබන 24 වැනිදා දක්වා කල් දෙමින් උදයංග වීරතුංග පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ. 2.පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්න – මැතිවරණ කොමිසම: ආපදා තත්ත්වය පත්ව ඇති ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් දැනුම් දෙන්නේය. 3. කොරෝනා රෝගීන් ගණන 159ක් දක්වා ඉහළට:රෝගීන් 8 දෙනෙකු ඊයේ දිනයේ සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ආසාදිත වූවන් 159 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 5. මහජනයා වෙනුවෙන් යුතුකම් පැහැර හරින බැංකුවලට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් :මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක නොකර, යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව නීතිරීති යටතේ කටයුතු කිරීමට ඉඩ නොතබන්නැයි මහ බැංකු අධිපති දැනුම් දී තිබේ. විදෙස් පුවත් 1.ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි : ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබේ.