මොරටුවේ වෙඩි තැබීම ගැන හෙළි නොවූ තතු

පොලිස් අණ නොතකා වෙඩි කෑ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි - පොලීසිය

by Staff writer 03-04-2020 | 2:02 PM
COLOMBO (News 1st) : මොරටුව එගොඩඋයනේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයේ ගමන් ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවූවන් වන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, එම මෝටර් රථයට ඊයේ රාත්‍රී පොලිසිය වෙඩි තැබීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් තිදෙනා තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ඔවුන් අවුරුදු 18, 20 සහ 22 යන වයස්වල පසුවන්නන් ය. පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුවන් දෙදෙනා මීට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැර සිටි පුද්ගලයින් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් ද පරික්ෂණ ක්‍රියාත්මක පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/515681865735605/