ආයුර්වේදයෙන් නව ප්‍රතිශක්තිකරණ ඖෂධයක්

ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට ආයුර්වේදයෙන් නව ඖෂධයක්

by Staff writer 03-04-2020 | 8:25 AM
COLOMBO (News 1st) : ප්‍රතිශක්තිකරණ ඖෂධයක් සහ විෂබීජ නාශකයක් ජනතාවට හඳුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආයුර්වේද කොමසාරිස් ජනරාල් චතුර කුමාරතුංග මහතා සඳහන් කළේ, මෙම ඖෂධය සහ විෂබීජ නාශකය පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් හරහා ගෙයින් ගෙට බෙදා හැරීමට කටයුතු සිදු කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යවරිය පත් කළ කමිටුවේ උපදෙස් මත මෙම ආයුර්වේද නිෂ්පාදන ජනතාව අතරට පත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.