නිරෝධායනය වූ තවත් 288ක් නිවෙස් බලා පිටත්ව යති

නිරෝධායනය වූ තවත් 288ක් නිවෙස් බලා පිටත්ව යති

by Staff writer 03-04-2020 | 1:28 PM
COLOMBO (News 1st) : නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 288 ක පිරිසක් අද සිය නිවෙස් වෙත පිටත්ව යන බව යුද හමුදාව පවසයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, දියතලාව, රන්ටැඹේ, කුණ්ඩසාලේ, බෝගොඩ, පෙරියපාඩු හා තන්තිරිමලේ නිරෝධායන මධ්‍යස්ථානවලින් මෙම පිරිස පිටව යන බවයි වන්නි ආරක්ෂක සේවා මූලස්ථානය යටතේ ස්ථාපත කළ තන්තිරිමලේ බෝගොඩ නිරොධායනය මධ්‍යස්ථානයෙන් අද 79 දෙනකු නිවෙස් බලා පිටත්ව ගියහ. පිරිස්වල ගමනාන්ත වූයේ මහනුවර ,මොනරාගල ,අනුරාධපුර ,පුත්තලම ,කුරූණෑගල, කොළඹ, කෑගල්ල ,පොලොන්නරුව ,වවුනියාව ආදි ප්‍රදේශයි. වව්නියාව පෙරියකට්ටු යුද හමුදා කඳවුරේ නිරොධායනයට ලක් වූ අවසන් 16 දෙනාද ද අද නිවෙස් බලා පිටත්ව ගියහ. අප වර්තාකරු කියා සිටියේ ඔවුන් එක්සත් රාජධානියේ සිට පැමිණි පිරිසක් බවයි. ඔවුන් යාපනය ,මන්තාරම , වවිනියාව, කඩවත , ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. https://www.facebook.com/NewsfirstSL/videos/544104199545578/