ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමේ වැඩපිළිවෙළක්

ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමේ වැඩපිළිවෙළක්

by Staff writer 03-04-2020 | 7:56 AM
COLOMBO (News 1st) : ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමේ වැඩපිළිවෙළ යටතේ බීජ වර්ග 5 කින් යුත් පැකට්ටුවක් සහන මිලකට ජනතාව අතරට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, ගෝලීය වසංගත තත්ත්වයන් හමුවේ රට තුළ ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මකයි. සෞභ්‍යාගයා ගෙවත්ත ලෙස මෙම වැඩපිළිවෙළ නම් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, මේ යටතේ බීජ වර්ග 5 කින් යුත් බීජ පැකට්ටුව රුපියල් 20 ක මිලකටත්, වර්ග 3 ක එළවළු පැළ සහිත බඳුනක් රුපියල් 20 සහන මිලකටත් ලබාදීමට නියමිත බවයි. අවශ්‍ය බීජ සහ පැළ www.saubagya.lk වෙබ් අඩවියට ගොස් ඇනවුම් කළ හැකි අතර මේ තුළින් නාගරික හා අර්ධ නාගරික ජනතාවද ඇතුළුව සමස්ත සමාජයම කෘෂිකර්මාන්තයට යොමු කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.