ගලේවෙලදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

ගලේවෙලදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

by Staff writer 03-04-2020 | 4:58 PM

COLOMBO ( News 1st ) - ගලේවෙල නගරයේදී කාන්තාවක් සන්තකයේ තිබීයදී හෙරොයින් ග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිණි .

පොලීසියට ලද තොරතුරක් මත ගලේවෙල නගරයේ සැරිසරමින් සිටි සැකකාරිය පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී ඇය සූක්ෂම ලෙස සඟවා තබාගෙන සිටියදී හෙරොයින් ග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 5කි. අත්අඩංගුවට ගත් සැකකාරිය 37 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේම පදිංචිකාරියෙකි. ඇය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.