කොවිඩ් 19 මර්දනයට ලෝක බැංකුවෙන් සහන ණයක්

කොවිඩ් 19 මර්දනයට ලෝක බැංකුවෙන් සහන ණයක්

by Staff writer 03-04-2020 | 11:21 AM
COLOMBO (News 1st) : කොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා මෙරටට සහන ණයක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. එලෙස ප්‍රදානය කෙරෙන සහන ණය මුදලේ වටිනාකම ඩොලර් මිලියන 128. 6 කි. ලෝක බැංකුව සඳහන් කළේ, කොරෝනා වසංගතය වැළැක්වීම, රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම මහජන සෞඛ්‍යය ශක්තිමත් කිරීමේ කටයුතු උදෙසා එම සහන ණය මුදල ප්‍රදානය කරන බවයි. රජය ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය , රසායනගාර ධාරිතාව ශක්තිමත් කිරීම, රෝහල් , රෝගී ප්‍රතිකාර , වෛද්‍ය කාර්ය මණ්ඩල පුහුණුව වැනි කටයුතු සඳහා එය සහයක් වනු ඇතැයි, ලෝක බැංකුව සඳහන් කළේ ය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන බැංකුව ඩොලර් මිලියන 35 ක ණයක් සහ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් ඩොලර් මිලියන 93. 6 ක සහන ණයක් ලෙස මෙය පිරිනැමේ.