කොරෝනා ගැන බොරු ප්‍රචාරය කළ 5ක් අත්අඩංගුවට

කොරෝනා ව්‍යාප්තිය ගැන බොරු ප්‍රචාරය කළ 5ක් අත්අඩංගුවට

by Staff writer 03-04-2020 | 7:09 AM
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවු සිද්ධි 61 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ එවැනි සිද්ධින්වලට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ දිනයේ එවැනි අසත්‍ය ප්‍රචාර පැතිර වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේ ය.