කොරෝනා ආසාදිතයෙක් අදත් හඳුනා ගනී: දෙදෙනෙකු සුවයි

කොරෝනා ආසාදිතයෙක් අදත් හඳුනා ගනී: තවත් දෙදෙනෙකු සුවය ලබයි

by Chathuranga Rajapaksha 03-04-2020 | 7:34 PM

COLOMBO ( News 1st ) - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා වැළඳුණු රෝගීන් ගණන 152ක් දක්වා ඉහළගොස් තිබේ. මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වනවිට මෙරට තුළ කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ආසාදිතයින් ගණන 24කි.