කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ පුළුල් කෙරේ

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ පුළුල් කෙරේ

by Staff writer 03-04-2020 | 2:08 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. කොවිඩ් 19 වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, මෙතුලින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි බවයි. ඒ අනුව ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් රෝග ලක්ෂණ මතුවීමට පෙර PCR පරික්ෂණයට ලක් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය. වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, ඒ අනුව දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 1500 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.