කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළට

by Staff writer 03-04-2020 | 6:40 AM
COLOMBO (News 1st) : ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරොනා ආසාදිතයින් 127 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. සැක සහිත රෝගීන් 251 දෙනෙක් වෛද්‍ය අධික්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති. වෛසරය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබු පිරිස 21 දෙනෙකි. මේ අතර කොරෝනා ආසාදනය වී මියගිය මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 04 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ රාත්‍රී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙකු මිය යාමත් සමගයි. එලෙස මියගියේ 58 හැවිරිදි පුද්ගලයෙකි. නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් ඔහු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.