උදයංග පෞද්ගලික ඇපයක් මත මුදා හැරේ

උදයංග වීරතුංග පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග

by Staff writer 03-04-2020 | 2:45 PM

COLOMB (  News 1st ) - ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ලබන 24 වැනිදා දක්වා කල් දෙමින් උදයංග වීරතුංග පෞද්ගලික ඇපයක් මත අද මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.