පොලිස් අණ නොතැකූ මෝටර් රථයකට මොරටුවෙදී වෙඩි

අණ නොතැකූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

by Staff writer 03-04-2020 | 9:03 AM
COLOMBO (News 1st) : මොරටුව, එගොඩඋයන මෝදර අලුත්පාලම අසල මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා ඇති අතර එහිදී පුද්ලගලයින් ති දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි. ඊයේ රාත්‍රී 10. 20 ට පමණ එම මෝටර් රථය මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය කර ඇති අතර එගොඩඋයන පරණ පාර මාර්ග බාධයකයේදී එය නැවැත්වීම සඳහා පොලීසිය සංඥා කළ ද රථය නොනවත්වා ධාවනය කර තිබේ. ඒ බව මෝදර අලුත්පාලම මාර්ග බාධකයේ පොලිස් නිලධාරින්ට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් ද මෝටර් රථය නැවැත්වීමට උත්සාහ දරා ඇති අතර එහිදී ද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අනතුරුව මෝටර් රථය පානදුර රෝහල අසල නවතා තිබියදී සොයා ගෙන තිබේ. එහි පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කර ඇති ඔවුන් මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. තුවාල ලැබූවන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/515681865735605/