විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදත් අවස්ථාව

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදත් අවස්ථාව

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදත් අවස්ථාව

කර්තෘ Staff writer

03 Apr, 2020 | 9:24 am

COLOMBO (News 1st) : බැංකුවලින් තම විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා අද දිනයේත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් සලසා ඇති බව රජය පවසයි.

ඊයේ දිනයේ ද මෙම පහසුකම ලබාදෙමින් බැංකු විවෘතව තැබු අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ, බොහෝ විශ්‍රාමිකයින් පිරිසක් තම විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා බැංකු කරා පැමිණි බවයි.

ඊට අමතරව විශ්‍රාමිකයින්ගේ ඖෂධ මිලදී ගැනීම සඳහා සියලු ඖෂධ අලෙවිසල් අද දිනයේත් විවෘතව තැබෙනු ඇති.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේ ලබන 06 වැනිදාද විශ්‍රාම වැටුප් ලබා ගැනීම සදහා බැංකු විවෘතව තබන බවයි.

ඒ අනුව ගම් මට්ටමින් විශ්‍රාමිකයින් යුද හමුදා නිලධාරින්ගේ මැදිහත්වීම මත බැංකු වෙත ප්‍රවාහනය කිරීම සිදු කෙරෙන අතර එම කටයුතු ග්‍රාම නිළධාරීවරුන් හරහා සම්බන්ධිකරණය කරන බව රාජ්‍ය පරිපාලන අමාතයාංශය සඳහන් කළේ ය.

විශ්‍රාමිකයින්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා ලංගම බස්රථ යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]