COVID-19 අරමුදලේ ශේෂය රු. මිලියන 314.5 දක්වා ඉහළට

COVID-19 අරමුදලේ ශේෂය රු. මිලියන 314.5 දක්වා ඉහළට

by Staff writer 02-04-2020 | 10:35 PM

Colombo COLOMBO ( News 1st ) - COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීම් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති ලේකම්වරයා ඉල්ලා සිටින්නේ අරමුදලට ඝෘජුව මුදලින් හෝ චෙක්පතකින් හෝ වෙනත් පිළිගත් ගෙවීම් මාර්ගයකින් දායක වනු හැර කිසිවෙකුට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙසය. එවැනි වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙන්නේය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද වනවිට COVID-19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 314.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි.