හෙද නිලධාරියෙක් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් නිපදවයි

හෙද නිලධාරියෙක් කෘත්‍රිම ශ්වසන ලබාදිය හැකි යන්ත්‍රයක් නිපදවයි

by Staff writer 02-04-2020 | 2:31 PM
COLOMBO (News 1st) : එක්වර රෝගීන් 4 දෙදෙනෙකු කෘත්‍රිම ස්වසන ලබාදිය හැකි උපකරණයක් නිර්මාණය කිරීමට මෙරට හෙද නිලධාරියෙකු සමත් වී තිබේ. මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ මහනුවර ජාතික රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ත්‍රි මහතායි. කොරොනා වෛරස් ආසාදිතයින්ගේ පෙනහලු ක්‍රියාකාරීත්වය අක්‍රියවීම හේතුවෙන් කෘත්‍රිම ස්වසන යන්ත්‍ර යොදා ගන්නා අතර ඒවා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් රටවල් දැඩි අසීරුතාවකට පත්ව සිටී. නව හඳුන්වාදීමත් සමග මෙරට පවතින කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර 500 න් දෙදහසකට එක්වර සේවාව සැපයිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.