විශ්‍රාම වැටුප් ගෙවීම අද, හෙට සහ ලබන 6 වැනිදා

විශ්‍රාම වැටුප් ගෙවීම අද, හෙට සහ ලබන 6 වැනිදා

by Staff writer 02-04-2020 | 7:35 AM
COLOMBO (News 1st) : විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අද හෙට හා ලබන 06 වැනිදා පහසුකම් සලසා ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එහි ලේකම් සිරිපාල හෙට්ටආරච්චි මහතා සඳහන් කළේ, තැපැල් කාර්යාලවලින් ,ග්‍රමීය බැංකුවලින් හා රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් විශ්‍රාම වැටුප් ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි. එම කටයුතු යුද හමුදාව විසින් සම්බන්ධීකරණය කරන බව ද ඔහු පැවසී ය. ලේකම්වරයා සඳහන් කළේ, අදාළ දිනවල සියලු ඖෂධ අලෙවිසල්ද විවෘතව තබන ලෙස උපදෙස් දුන් බවයි. යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, විශ්‍රාම වැටුප් ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ග්‍රාම නිලධාරීවරුන් සහ යුද හමුදා නිලධාරින් එක්ව සිදුකරන බවයි. මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන පිරිස් ප්‍රවාහනය සඳහා ලංගම බස්රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ ය.