රෝහල් කිහිපයකට නාවික හමුදාවෙන් විෂබීජහරණ කුටි

රෝහල් කිහිපයකට නාවික හමුදාවෙන් විෂබීජහරණ කුටි

by Staff writer 02-04-2020 | 5:50 PM

COLOMBO ( News 1st ) - නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත විෂබීජහරණ කුටි ලබා දී තිබේ.

මේ අනුව නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටි අද කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ලබා දීම සිදු කරන ලදී. විශේෂයෙන් දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මහජනතාව විශාල ප්‍රමාණයක් මෙම රෝහල් වෙත පැමිණෙන අතර එම මහජනතාවගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව උදෙසා මෙම විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු සිදු කළේ ය. ඉන් එක් කුටියක් නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන දොරටුවේ ස්ථාපනය කිරීමට පසුගිය දිනෙක කටයුතු කළේ ය.