රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් ආසාදිත දරුවන් නැහැ

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් ආසාදිත දරුවන් නැහැ

by Staff writer 02-04-2020 | 6:29 PM

COLOMBO (  News 1st ) -  රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත දරුවන් ප්‍රතිකාර ලබන බවට සමාජ ජාල හරහා ප්‍රචාරය වීම හේතුවෙන් දෙමව්පියන් තම දරුවන්ව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට බිය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඒ අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින්. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ,  රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත දරුවන් ප්‍රතිකාර නොලබන බව රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළ බවයි. මෙසේ අසත්‍ය ප්‍රචාර කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය. සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනයම් මාධ්‍ය හරහා පල වන අසත්‍ය ප්‍රචාරවලට නොරැවවෙන්නැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි. https://www.facebook.com/NewsfirstSL/videos/1054623031575550/