මරදානේ පුද්ගලයින් 2000ක් නිවෙස් තුළම නිරෝධායනයට

මරදානේ පුද්ගලයින් 2000ක් නිවෙස් තුළම නිරෝධායනයට

by Staff writer 02-04-2020 | 9:54 AM
COLOMBO (News 1st) : මරදාන, ආර්නෝල්ඩ් රත්නායක මාවතේ පුද්ගලයින් 2000ක් නිරෝධායනයට යොමු කළ බව කොළඹ මහනගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ මරදාන ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත පුද්ගලයකු මියයාමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි. ඒ අනුව ඔහු පදිංචිව සිටි මහල් නිවාසය ද ඇතුළුව මහල් නිවාස 18 ක් මේ වනවිට හුදකලා කර ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මියගිය පුද්ගලයාගේ දියණිය, බෑනණුවන්, මිණිබිරිය සහ මුණුබුරා ද මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බවයි. කොළඹ නාගරික සීමාවෙන් හමු සෙසු කොරොනා ආසාදිත රෝගීන්ගේ සමීපතමයන් 308 දෙනෙකු ද මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ ය.