බිරිඳ හා දියණිය ඝාතනය කර සැමියා දිවි නසා ගනී

බිරිඳ හා දියණිය ඝාතනය කර සැමියා දිවි නසා ගනී

by Staff writer 02-04-2020 | 2:07 PM
COLOMBO (News 1st) : සිය බිරිඳ හා දියණිය ඝාතනය කළ මල්වතුහිරිපිටිය හේනේගම - කහටාන ප්‍රදේශයේ සැකකරුවෙකු සිය දිවි හානි කර ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 28 හැවිරිදි කාන්තාවක සහ ඇගේ තෙ හැවිරිදි දියණියයි. 37 හැවිරිදි සැකකරු පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. මියගිය අයගේ මෘත ශරීර ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති අතර මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.