කොරෝනා වෛරසයට බලපෑමක් කළ නොහැක්කේ කුමකට ද?

කොරෝනා වෛරසයට බලපෑමක් කළ නොහැක්කේ කුමකට ද?

by Staff writer 02-04-2020 | 11:02 AM
COLOMBO (News 1st)  මේ වනවිට සමස්ත ලෝකයම අඩු වැඩි වශයෙන් නතර වෙලා කිව්වොත් නිවැරදියි. ඇත්තටම නතර වෙලා නොවෙයි කොවිඩ් - 19 වෛරසය විසින් නතර කරල. වාණිජ කටයුතු, බොහෝ කර්මාන්ත හා සේවා, විධිමත් අධ්‍යාපනික ආයතන ආදී සියලුම අත්‍යාවශ්‍ය නොවන කටයුතු, කොටින්ම කිව්වොත් කිසියම් නිෂ්පාදනයක් එක් තැනක සිට තවත් තැනකට ගෙනයාම මේ වෛරසය විසින් කෙතරම් අවහිර කරල ද...? සීමා මායිම් වැටකොටු සුදු කළු උස් මිටි මේ සෑම දෙයක්ම අභිබවා යමින් කොවිඩ් - 19 බලපෑම එල්ල වෙලා. ඒත් එක් දෙයක් කොහෙත්ම නතරවී හෝ බලපෑමට ලක්ව නැහැ. නතර කරන්නට කොවිඩ් -19 ට හැකි වෙලත් නැහැ. සැබවින්ම එය වඩාත් විටිනාකමක් ගෙන දෙමින් ඉදිරියට ඇදෙනුයේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා යහපත් අයුරින්.

ඒ කුමක් ද ?

අපි මානව ඉතිහාසයේ මීට වසර 40,000 ක පමණ අතීතයට ගියහොත් එවක මුළු යුරේසියාවටම අරක් ගෙන සිටියේ නියැන්ඩතාල් මානවයින් ( ඒ කියන්නෙ හෝමෝ සේපියන්ස් නියැන්ඩර්තාලෙන්සිස්, කියන නූතන මානවයා වන හෝමෝ සේපියන්ස් සේපියන්ස් නම් අපත් සමග සමාන පුරුකක් ලෙස පරිණාමය වූ මානවයින්). එවක අපට වඩා දේහධාරී සහ ශක්ති සම්පන්න වුවත් නිර්මාණයවූ පාරිසරික තත්ත්වයන් හමුවේ ඔවුන් මිහිමතින් තුරන්ව ගියා. එසේ නම් නියාන්ඩර්තාල් මානවයා තුරන්ව යද්දී මිහිතලය ජය ගැනීමට අප සතුවූ සුවිශේෂත්වය නම් සුපැහැදිලි සන්නිවේදනයයි. ඒ නූතන මානවයාට වඩා ඵලදායී අදහස් නිර්මානය කරගත හැකි මොලයක් තිබීම හේතුවෙන් ඒවා ප්‍රජාව අතරේ සුපැහැදිලිව සන්නිවේදනය කිරීමට හැකි වන්නට ඇති. නූතන මානවයාගේ මොලය හා බැඳුණු සමාජ සන්නිවේදනය ජයගත් අතර නියැන්ඩර්තාල්ගේ අවයව සහ මස්පිඩු ශක්තිය පරාජයට පත්විය. එවක අප අතර සරලව සහ ක්‍රමිකව ගොඩනැගුණු සන්නිවේදනය මේ වනවිට වඩාත් පුළුල් හා සංකීර්න වී ඇති අතර ආයතනගත ව්‍යුහයන් දක්වා වර්ධනය වී තිබෙනවා. එසේනම් කොරෝනාවේ බලපෑමට ලක් නොවූයේ ප්‍රවෘත්ති සහ සන්නිවේදනයයි. කෙසේවෙතත් පසුගිය දශකයක පමණ කාලය තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පුළුල් වීමත් සමග විශ්වසනීයත්වය සහ නිවැරදි බව පදනම් කරගත් සන්නිවේදනය කිසිදු වැදගැම්මකට නැති දෙයක් බවට පත්වෙමිනුයි පැවතුණේ. බොහෝ අවස්ථාවලදී පරිගණක යතුරු පුවරු සැබෑ ගෝලීය යථාර්ථය සතයකට මායිම් කළේ නැහැ. මතභේදාත්මක යමක් ප්‍රචාරය තුළින් එක රැයින් තරු බිහිවීම ඊට හේතු වුණා. වෘත්තීය ජනමාධ්‍යකරණය වැදගැම්මකට නැති දෙයක් ලෙසින් කුණු කූඩයට දැමූවන් එම ක්‍රියාවේම ගොදුරක් වෙලා. කොවිඩ් - 19 සියල්ල වෙනස්කරමින් සිටිනව, මම අදහස් කරන්නෙ සියල්ලක්ම, සන්නිවේදනය යළිත් අපට මතක් කර දෙනව අපි කවු ද? මොනවද කරන්නෙ කියල. අප දැනුවත් විය යුතුයි වගේම නිතර අදහස් හුවමාරු කර ගත යුතුයි. අප අපේ සිතිවිලි හුවමාරු කරගන්නව වගේම සවන් දීමත් කතා කිරීමත් වැදගත්. මේ කටයුත්ත හොඳින් කරනු ලබන වේදිකාවලට සැබෑ බලය පාලනය කල හැකියි. මේක තමයි සැබෑම බලය. මගේ අවදානය ප්‍රමුඛ සමාජ මාධ්‍ය සමාගම් පිළිබඳව නොවෙයි. අපට පෙනෙන නැතිනම් අප බලන, අපට ඇසෙන නැති නම් අප ඇහුම්කම් දෙන දෙය සමාජයට ඵලදායී අයුරින් කාවැද්දිය හැකි අතලොස්සක්වූ පිරිස පිළිබඳව. සැබෑ ලෙසම කියනවා නම් ලොව පුරා පවත්නා සියලුම ගෑස් සහ ඛනිජ තෙල් සම්පත් ඉක්මවා ගිය වටිනාකමක් සහිත තමන් සතු සියුම් ඥානය පතුරවන්නන් පිළිබඳව. සරළවම කිවහොත් මානුෂිකත්වය පවතිනුයේ අපගේ එවැනි සන්නිවේදන ක්‍රියාවක් තුල වීම හේතුවෙන්. අද දවස වනවිට සබුද්දික ප්‍රවෘත්ති නාලිකා අන් කවරදාකටත් වඩා මිට හොඳින්ම අනුගත වෙලා කිවොත් නිවැරදියි. සමාජ මාධ්‍ය ද වැදගත් වුවත් සාපේක්ෂව අඩුවෙන් කියලයි කිව හැක්කෙ.ඇයි ඒ කියල සරළව කිනව නම් බොහොමයක් ඕපාදූප හේතුවෙන්. එසේ වුවත් ඕපාදූප සමාජය තුළ ඊට අයත් ඉඩ ගනීවි. වඩා වැදගත් කාරණය වන්නේ පශ්චාත් කොවිඩ් සමයේ (කොරෝනා වයාප්තිය අවසන්වූ පසුව) වඩාත් සංකීර්ණ තත්ත්වයට පත්වන ලෝකය සරල ලෙස මානවායාට ගෙනහැර දැක්වීමට සමත් වන්නනන්ට අනාගතයට බලපෑම් කළ හැකි වීමයි. සියවස් ගණනාවක් තිස්සේ සිදුවූ අයුරින්ම මෙය අනාගතයේදීද සිදුවනු ඇති. එනම් සන්නිවේදනය විසින් පාලනය සහ මෙහෙයවීම. The return of NEWS ඇසුරින් උදය වන්නිආරච්චි සැකසූ වාර්තාවකි.