කොරෝනා ආසාදනයෙන් මෙරට සිව්වැනි මරණයත් වාර්තා වෙයි

කොරෝනා ආසාදනයෙන් මෙරට සිව්වැනි මරණයත් වාර්තා වෙයි

by Chathuranga Rajapaksha 02-04-2020 | 10:03 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය වැළඳීමෙන් තවත් පුද්ගලයෙකු මීට ටික වේලාවකට පෙර මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගිය බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඔහුගේ නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. මෙය කොරෝනා අසාදනය වීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සිව්වැනි මණයයි.