ඇඳිරි නීතිය කඩ කළ 1015ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ 1015ක් අත්අඩංගුවට

by Staff writer 02-04-2020 | 9:07 AM
COLOMBO (News 1st) :  ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1015 දෙනෙකු අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 254 ක් සිය භාරයට ගත් බවයි. පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 9466 කි. එම කාලසීමාව තුළ වාහන 2332 ක් පොලිස් භාරයට ගෙන තිබේ. මේ අතර මේ වනවිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම , මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක අතර සෙසු දිස්ත්‍රික්ක 19 ට පැනවු පොලිස් ඇදඳිරි නීතිය ලබන 06 වැනිදා උදෑසන 6 ට ඉවත් කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. කෙසේ වෙතත් ඇඳිරි නීති කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බව රජය පවසයි.