by Staff writer 02-04-2020 | 11:44 AM
COLOMBO (News 1st) : නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 195 දෙනෙකු අද දිනයේ සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඔවුන් දියතලාව,රන්ටැඹේ හා පොම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් නිරෝධායනයට ලක් වූ බවයි.
ඒ අනුව දියතලාව නිරෝධායනය මධ්‍යස්ථානයෙන් අද පිටව ගිය පිරිස 33 කි.
රන්ටැඹේ නිරෝධායනය මධ්‍යස්ථානයෙන් 117 න් පොම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් 45 දෙනෙකු අද දිනයේ පිටව ගිය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.
යුද හමුදාපතිවරයා පැවසුවේ, තවදුරටත් 1631 දෙනෙකු නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින බවයි.
මේ දක්වා කාලය තුළ නිරෝධායන මධ්‍යස්ථාවලින් පිටව ගිය සංඛ්‍යාව 2314 කි.