WHO ප්‍රධානියාගෙන් ජනපති ගෝඨාභයට පැසසුම්

මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට

by Staff writer 01-04-2020 | 11:46 AM
COLOMBO (News 1st) : කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළ කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රෙඩ්‍රෝස් මහතා සඳහන් කර ඇත්තේ තමා දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ බවයි. කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ආසියානු කලාපයේ ආර්ථිකයට හා සෞඛ්‍යයට එල්ලවී ඇති බලපෑම් සම්බන්ධයෙන් කතා බහ කළ බව ද සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.