දින 3කට ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට පියවර

හෙට, අනිද්දා සහ 6 වැනිදා දිවයිනේ සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කෙරේ

by Chathuranga Rajapaksha 01-04-2020 | 6:24 PM

COLOMBO (News 1st): විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දින 3කට ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට තීරණය කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, හෙට(02), අනිද්දා(03) සහ ලබන වැනිදා දිවයිනේ සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.