මාර්තු 16 න් පසු මෙරටට පැමිණ සැඟවුණ පිරිස අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් යොදවයි - 2913 ක් ලියාපදිංචි වේ

by Staff writer 01-04-2020 | 5:56 PM
මාර්තු 16 සිට ගුවන් තොටුපොල වැසීමට පෙර මෙරටට විදේශ රටවල සිට පැමිණි පිරිසෙන් 2913 දෙනෙකු අද මධ්‍යාහ්න 12 වන විට නිරෝධායන ක්‍රියාවලියට ලියා පදිංචි වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එසේම, ඔවුන්ට අමතරව නිරෝධායන ක්‍රියාවලියට සහභාගී නොවී සිටින පිරිස අත් අඩංගුවට ගැනීමට කණ්ඩායම් යොදවා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. https://www.youtube.com/watch?v=aVx5R9WB_Ks