by Staff writer 01-04-2020 | 5:04 PM
COLOMBO (News 1st): බේරුවල, පන්නිල ප්‍රදේශයේ කොරොනා රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් 49 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගත් බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
වලතර හා මොරගල්ල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.ටී. ජයනක මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයෙන් සොයාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ නිවස ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස නිරෝධායනයට යොමු කළ බවය.
මේ අතර ඔහුගේ බිරිඳගේ නිවස පිහිටි බේරුවල, බාරි හජ්ජියාර් මාවතේ පිහිටි නිවස ආසන්නයේ සිටි පිරිසක් ද නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළේය.
මේ අතර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස්වලින් පිටතට නොගොස් රැඳී සිටින ලෙස දැනුම් දී ඇති අතර එහි ආරක්ෂාව තර කර ඇති බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.