බන්ධනාගාර බසයක් හග්ගලදී නිවසක් මතට පෙරළෙයි

බන්ධනාගාර බසයක් හග්ගලදී නිවසක් මතට පෙරළෙයි

by Staff writer 01-04-2020 | 1:22 PM
COLOMBO (News 1st) : නුවරඑළිය සිට බදුල්ල බන්ධනාගාරය දක්වා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්වීමෙන් බන්ධනාගාර නිලධාරින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු ව තිබුණේ නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදි බස්රථය පෙරළි යාමෙනි. අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ ඇත්තේ බන්ධනාගාර නිලධාරිනියන් තිදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකි. බස් රථය අනතුරට පත් වන අවස්තාවේ රැඳවියන් කිසිවෙකු බස් රථය තුළ සිට නොමැත. බස් රථය නිවසක් මතට පෙරළීමෙන් එම නිවසට ද දැඩි අලාභ හානි සිදු ව තිබේ. සිද්ධියෙන් නිවසේ කිසිවෙකුට හානියක් සිදුව නොමැත. https://www.facebook.com/NewsfirstSL/videos/672326296893700/