by Chathuranga Rajapaksha 01-04-2020 | 6:56 PM
COLOMBO (News 1st): පුත්තලමෙන් හඳුනා ගත් Covid-19 රෝගියා පැමිණි ගුවන් යානයක පිරිසකට නිරෝධානයට යොමු වන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උපදෙස් ලබා දුන්නේය.
යුද හමුදාපතිවරයා පැවසුවේ පසුගිය 17 වැනිදා OD-185 දරන මලයාසියානු ගුවන් සමාගමට අයත් යානයකින් ඔහු මෙරටට පැමිණ ඇති බවය.
ඔහු සමග 36 දෙනෙකු පැමිණි ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව එම ගුවන් යානයේ පැමිණි පිරිසට නිරෝධානයට යොමුවන ලෙස යුද හමුදාපතිවරයා උපදෙස් දුන්නේය.
https://www.facebook.com/NewsfirstSL/videos/303028017328129/