නීතිවිරෝධීව මසුන් ඇල්ලූ පිරිසක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ පිරිසක් නාවික හමුදා භාරයට

by Staff writer 01-04-2020 | 2:00 PM
COLOMBO (News 1st) : පුල්මුඩේ, අරිසිමලය මුහුදේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. අරිසිමලය මුහුදේ මුර සංචාරයක් අතරතුර නාවික හමුදාව සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇති අතර පසුව එය පරීක්ෂා කිරීමේදී  තහවුරු වී ඇත්තේ, මසුන් අල්ලමින් සිටි ඔවුන් සතුව නීත්‍යනුකූල බලපත්‍ර  නොමැති බවයි. ඒ අනුව  එහි සිටි පුද්ගලයින් හය දෙනා , ඩිංගි යාත්‍රාව සහ ධීවර උපකරණ කිහිපයක් ද සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබේ. අත්අඩංගුවට පත් පිරිස අවුරුදු 37ත් 54ත් වයස්වල පසුවන පුල්මුඩය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.