දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

by Staff writer 01-04-2020 | 7:07 AM
COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක 19 කට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවන බවයි. කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ. අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියලු කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති. ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ද, අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවෙස්වලින් පිටව නොයන්නැයි, පොලීසීය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල බලපත්‍රය නොමැතිව ගමන් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.