තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු සුවය ලබයි

කොරෝනා වැළඳී සුවය ලැබු ගණන 21ක් වෙයි

by Chathuranga Rajapaksha 01-04-2020 | 7:35 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් ගණන 21දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වනවිට මෙරටින් තහවුරු කරගත් කොරෝනා රෝගීන්ගේ ගණන 146කි.