කොරෝනා රෝගීන් ගණන 146ක් දක්වා ඉහළට

කොරෝනා රෝගීන් තිදෙනෙකු යාපනය, මරදාන සහ කුරුණෑගලින් හඳුනා ගනී

by Chathuranga Rajapaksha 01-04-2020 | 5:43 PM

COLOMBO (News 1st) කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් රෝගීන් තිදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ, අනුව මෙරට කොරෝනා රෝගීන්ගේ ගණන 146ක් දක්වා ඉහළගොස් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. අලුතින් හඳුනාගත් රෝගීන් තිදෙනා වාර්තා වී ඇත්තේ යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්විය.