ආසාදිතයින් හඳුනා ගැනීමට තවත් PCR යන්ත්‍ර දෙකක්

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට තවත් PCR යන්ත්‍ර දෙකක්

by Staff writer 01-04-2020 | 1:43 PM
COLOMBO (News 1st) : COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත භාර දී තිබේ. අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය  සියලුම උපාංග ද සහිතව මෙම යන්ත්‍ර දෙක මෙරටට පරිත්‍යාග කර ඇත්තේ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය කළ ඉල්ලීමකට අනුවයි. මෙලෙස පරිත්‍යාග කෙරුණු PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකේ වටිනාකම රුපියල් මිලියන 23 ක් වේ. සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ඉදිරියේදී එම PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක අදාළ රෝහල් වෙත ලබාදීමට කටයුතු කරනු ඇති. මේ අතර මෙම සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ,  උපකරණ කඩිනමින් ස්ථාපනය කර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවයි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.