උපාධිධාරී අභ්‍යාසලාභීහු සේවාවලට යොමු කෙරෙති

උපාධිධාරී අභ්‍යාසලාභීන් සේවාවලට යොමු කරමින් යළිත් චක්‍රලේඛයක්

by Staff writer 01-04-2020 | 9:19 AM
COLOMBO (News 1st) : රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරිම ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය, ඊයේ නිකුත් කෙරුණු බවයි. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, කොරෝනා මර්දන කටයුතු සඳහා කඩිනමින් බඳවා ගන්නා බව ඔහු සඳහන් කළේ ය.