''අමෙරිකාවට වේදනාකාරී දෙ සතියක්'' ජනපති ට්‍රම්ප්

අමෙරිකාවට වේදනාකාරී දෙ සතියක්... ජනපති ට්‍රම්ප් කියයි

by Staff writer 01-04-2020 | 8:06 AM
COLOMBO (News 1st) : ලොව රටවල් 202 කින් මේ වන වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 857,299ක් දක්වා ඉහළ ගියේ ය. සුවය ලැබූ පිරිස 177,141 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 42,114 බවට පත්ව තිබේ. මේ අතර ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් වාර්තා වීමත් සමග අමෙරිකාවේ සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 3,860 ක් දක්වා ඉහළ ගියේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාවේ මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාව ,කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සටහන් වු චීනය අභිබවා ගොස් ඇති බවයි. ධවල මන්දිරය පුරෝකතනය කර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය විමෙන් ඇමරිකාව තුළ පුද්ගලයින් ලක්ෂයත්, දෙලක්ෂ හතළිස් දහසත් අතර පිරිසක් මිය යා හැකි බවයි. එබැවින් ඉදිරි දෙසතිය ඇමරිකානුවන්ට අතිශය වේදනාකාරි කාල පරිච්ජේදයක් විය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ ය. ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 187,347 කි. මේ අතර ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 12,428 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ. එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 150,792 කි. ස්පාඤ්ඤයෙන් අද උදෑසන වන විට ආසාදිතයින් 95 923 ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 8,464 කි. චිනයෙන් මේ වන විට කොරෝනා අසාදිතයින් 81,518 දෙනෙකු වාර්තා වේ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,305කි.