.webp)
කෙසේ වෙතත්
,
ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ද සූදානමින් පසුවන බවත් සඳහන්.
දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින්
2020
අප්‍රේල් මස
8 වන දින
සිට අප්‍රේල් මස
21 වන දින
දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව අපගේ වටිනා මගීන්ට ඉතා කණගාටුවෙන් වුවද දැනුම් දෙමු.
ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්ත්වයන් සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමාවන් සමාලෝචනය කරමින් සිටින අතර එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 2020 අප්‍රේල් මස 21 දිනට පෙර කෙටි දැනුම්දීමකින් සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම්ව සිටියි.
එසේම අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම කාලය තුළ විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ද ගුවන් සමාගම කැමැත්තෙන් සිටියි.
කෙසේ වෙතත්
,
ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති අතර අවශ්‍ය විටෙක ඒ සඳහා විශේෂ ගුවන් ගමන් සිදු කරනු ඇත.
දශක හතරක සේවා කාලය තුළ ගුවන් සමාගම විවිධ අභියෝග මධ්‍යයේ වුවද
,
ලොව පුරා සිටින සියළුම මගීන්ට සහ පොදුවේ සියලුම ප්‍රජාවන්ට එක සමානව සේවා සැපයීමට කටයුතු කළද
,
ලෝකයේ අන් සියලු ගුවන් සේවා මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය මේ
පසුකර යන්නේ ඉතාම දුෂ්කර හා අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් බව සිහිපත් කළ යුතුය.
ගුවන් සමාගම් පාලනයෙන් ඔබ්බට ගිය මෙම තත්ත්වයන් යටතේ අපහසුතාවයට පත්ව ඇති වටිනා මගීන්ට උපරිම පහසුව සැලසීමේ අදහසින් ගුවන් ප්‍රවේශ පත්‍ර නැවත වෙන්කරවා ගැනීම සහ නැවත නිකුත් කිරීමට අදාළ ප්‍රතිපත්තියක් දැනට ක්‍රියාත්මක කර ඇති අතර එය
www.srilankan.com
වෙතින් ලබා ගත හැකිය.
වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන්
,
සහ ලගම ඇති ශ්‍රීලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.
අතීතයේ දී මෙන්ම මෙම වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ගිය දා පටන් ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සිය රාජකාරිය අකුරට ඉටු කරමින් සිටින්නේ ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් කරා රැගෙන ඒමට සහ වෛද්‍ය ආධාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සඳහාය.
COVID
19 සමඟ සටන් කිරීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්හි දී එහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින්
,
අපේක්ෂා කරන ඕනෑම ජාතික ප්රයත්නයක් ක්‍රියාත්මක කිරීමට ගුවන් සේවය සම්පුර්ණයෙන්ම සූදානම් ය.
පවතින අයහපත් වාතාවරණය පහව ගිය වහාම
,
ගුවන් සේවය සිය මගීන්ට වඩාත් නවීකරණය කරන ලද පහසුකම් වලින් සමන්විත අමතක නොවන සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා ඉක්මනින් සිය සේවා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.
ආයතනික සන්නිවේදන අංශය
ශ්‍රීලංකන් ගුවන් සමාගම