Video තාක්ෂණයෙන් රෝහල් සායනික සේවා ඇරඹීමට පියවර

Video තාක්ෂණයෙන් රෝහල් සායනික සේවා ඇරඹීමට පියවර - වෙබ් අඩවියකුත් එළි දකී

by Staff writer 31-03-2020 | 4:53 PM

COLOMBO (News 1st): වීඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් ලෙස අද රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් ආරම්භ විය.

දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බාහිර රෝගී අංශවල සෞඛ්‍ය සේවා ලබා ගැනීමට අපහසු වීම හේතවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවදානය යොමුව තිබේ. මෙහිදී වෛද්‍යවරයා හා රෝගියා අතර, ජංගම දුරකථනය මාර්ගයෙන් වෛද්‍ය සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටුයුතු හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂන අමාත්‍යංශය නිවේදනය කළේය. මෙහි පළමු නියාමන ව්‍යාපෘතිය අද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු රෝග සායනයේදී ක්‍රියාත්මක කරන ලදී. මෙම ක්‍රමවේදය ඉදිරියේ දී අනෙකුත් විශේෂිත රෝහල් තුලද ක්‍රියාත්මක කිරීමට අවදානය යොමුව ඇත. මේ සඳහා cDoc නමැති යෙදුම(app) එක භාගත කිරීමෙන් ඕනෑම රෝගියෙකුට මෙම සේවාව ලබාගැනීමට හැකිවනු ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0770 773 333 අංකය හරහා මෙන්ම අන්තර්ජාලයේ https://odoc.life/ යන වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකි බව නිවේදනයේ සඳහන්.