වයෝවෘද්ධ රෝගීන් දෙදෙනාගේ නිවැසියනුත් නිරෝධායනයට

වැල්ලවත්තේ නිවසින් හමුවූ රෝගීන් දෙදෙනාගේ නිවැසියනුත් නිරෝධායනයට

by Staff writer 31-03-2020 | 2:38 PM
COLOMBO (News 1st) : කොළඹ නගරය තුළින් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 11 වාර්තාවී ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. කොළඹ නරගය තුළ කොරෝනා රෝගීන් වාර්තාවූ වැල්ලවත්ත සුවිසුද්ධාරාම පාර් නිවසක් අද නිරෝධායනයට ලක් කෙරිණ. මෙම නිවස තුළ වයස අවුරුදු 75 ක මව සහ වයස අවුරුදු 84 පියා සහ දරුවන් දෙදෙනෙකු ජිවත්ව තිබේ. මේ අතර කොළඹ නගරයේ ඇති වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින් පැමිණීම තහනම් කර ඇති බව ද වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/213789899685492/