'ප්‍රමාණවත් තරම් භාණ්ඩ තියෙනවා'-ආනයනකරුවන්

මාස 3කට ප්‍රමාණවත් භාණ්ඩ තොග ඇතැයි, ආනයනකරුවෝ පවසති

by Staff writer 31-03-2020 | 8:38 AM
COLOMBO (News 1st) : පවතින ආනයනික භාණ්ඩ තොග, මාස 3ක් සඳහා ප්‍රමාණවත් බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ඉලමනාදන් මහතා සඳහන් කළේ, පරිප්පු සම්බන්ධයෙන් පමණක් යම් ගැටලුවක් පවතින බවයි. මෙරටට වැඩි වශයෙන් පරිප්පු ආනයනය කෙරෙන්නේ ඉන්දියාවෙන් වන අතර මෙරට මාසික පරිප්පු අවශ්‍යතාව ටොන් 1500 කි. කොරෝනා ව්‍යාප්තියත් සමග ඉන්දියාව වසා දැමීම හේතුවෙන් ඉදිරියේදී ඇණවුම් කර ඇති තොග ගෙන්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව, ඉලමනාදන් මහතා සඳහන් කළේ ය. ආහාර හිඟයක් ඇතිවුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත එම වැඩපිළිවෙළ සකස් කරන බවයි.