කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වැසේ

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන තුරු කොළඹ කොටස් වෙළෙඳපොළ වැසේ

by Chathuranga Rajapaksha 31-03-2020 | 4:35 PM

COLOMBO (News 1st): පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන තුරු හෙට(01) සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තැබීමට තීරණය කර තිබේ.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ලද මාර්ගෝපදේශනයට අනුව එම පියවර ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කළේය. මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ තේ වෙන්දේසිය ද, ලබන සිකුරාදා දක්වා කල් දැමුණි.