තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක්..

කොරෝනා ආසාදිතයින් ගණන 132ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 31-03-2020 | 4:45 PM

Update: 31.03.2020 / 4.45PM: අද(31) පස්වරු 4.15 වනවිට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 10දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු ඒ බව තහවුරු කළේ, Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 132ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොරෝනා වෛරසය සුව වූ පුද්ගලයින් 16 දෙනෙකු රෝහලින් පිටවගොස් ඇති බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

.

COLOMBO (News 1st): 31.03.2020 / 4.05PM: තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 129ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරෝනා වෛරසය වැළඳී සුව වූ පුද්ගලයින් ගණන 16කි.