කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ රෝගීන් ගණන 16ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 31-03-2020 | 1:02 PM

COLOMBO (News 1st): කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුව වූ පුද්ගලයින් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරෝනා වැළඳීමෙන් මෙරට තහවුරු කරගත් රෝගීන් ගණන 122කි. ඉන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් රෝගීන් ගණන 104කි. එම රෝගීන්ගෙන් 95දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ද, රෝගීන් 9 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියේය. කොරෝනා බවට සැක සහිත රෝගීන් 173 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.