ඇඳිරි නීතිය කඩ කළ 508ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ 508ක් අත්අඩංගුවට

by Staff writer 31-03-2020 | 8:27 AM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 508 දෙනෙකු අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම කාල සීමාව තුළ වාහන 125 ක් සිය භාරයට ගත් බවයි. පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 7358 කි. එම කාල සීමාව තුළ වාහන 1768 ක් පොලිස් භාරයට ගෙන තිබිණ.