ඇඳිරි නීතිය ලිහිල් කිරීම නැවැත්විය යුතුයි - GMOA

ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

by Chathuranga Rajapaksha 31-03-2020 | 3:09 PM

COLOMBO (News 1st): කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවට නිර්දේශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම, දැනට පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග හා උග්‍ර ප්‍රතිචාර හරහා කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කරගැනීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවවාද කරන බව ද එම නිවේදනයේ සඳහන් විය. සමාජ දුරස්ථකරණය 80% ට වැඩි මට්ටමේ පවත්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිර්දේශ මෙසේය. 1. සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කිරීම 2. බැංකු කටයුතු, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟාවන ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම 3. විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්වීම 4. දිස්ත්‍රික්ක අතර සංචරණ හැකිතාක් දුරට අවම කිරීම 5. රෝග ව්‍යාප්තිය රටපුරා සිදු කළ හැකි පරිදි ජනතාව එක් රැස්වන අධික අනතුරු ස්ථාන (Hot Spots) පිළිබඳ දැඩි තීන්දු තීරණවලට එළඹීම (ආර්ථික මධ්‍යස්ථාන, ධීවර වරායන්, මැනි වෙළඳපොළ ඇතුළු වෙළඳ මධ්‍යස්ථාන, තේ කර්මාන්තශාලා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිර්දේශ ඇ.තුළත් නිල නිවේදනය පහත පරිදි වේ.