කොරෝනා ආසාදිතයින් ගණන 132ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 132ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 132ක් දක්වා ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

31 Mar, 2020 | 4:45 pm

Update: 31.03.2020 / 4.45PM: අද(31) පස්වරු 4.15 වනවිට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 10දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු ඒ බව තහවුරු කළේ, Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 132ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරසය සුව වූ පුද්ගලයින් 16 දෙනෙකු රෝහලින් පිටවගොස් ඇති බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

.

COLOMBO (News 1st): 31.03.2020 / 4.05PM: තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 129ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසය වැළඳී සුව වූ පුද්ගලයින් ගණන 16කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]