home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
by Chathuranga Rajapaksha
31-03-2020 | 3:09 PM
COLOMBO (News 1st): කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවට නිර්දේශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම, දැනට පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග හා උග්‍ර ප්‍රතිචාර හරහා කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කරගැනීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවවාද කරන බව ද එම නිවේදනයේ සඳහන් විය. සමාජ දුරස්ථකරණය 80% ට වැඩි මට්ටමේ පවත්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිර්දේශ මෙසේය. 1. සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කිරීම 2. බැංකු කටයුතු, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟාවන ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම 3. විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්වීම 4. දිස්ත්‍රික්ක අතර සංචරණ හැකිතාක් දුරට අවම කිරීම 5. රෝග ව්‍යාප්තිය රටපුරා සිදු කළ හැකි පරිදි ජනතාව එක් රැස්වන අධික අනතුරු ස්ථාන (Hot Spots) පිළිබඳ දැඩි තීන්දු තීරණවලට එළඹීම (ආර්ථික මධ්‍යස්ථාන, ධීවර වරායන්, මැනි වෙළඳපොළ ඇතුළු වෙළඳ මධ්‍යස්ථාන, තේ කර්මාන්තශාලා)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිර්දේශ ඇ.තුළත් නිල නිවේදනය පහත පරිදි වේ.
වෙනත් ලිපි
වත්තේගම නගරසභාවේ හිටපු සභාපති ඇතුළු දෙදෙනාරිමාන්ඩ්
ලබන වසර සඳහා වන පාසල් වාර සටහන මෙන්න..
නව න්‍යෂ්ටික ප්‍රතිපත්තියක් - උතුරු කොරියානු නායක
බැකෝ සමන්ගේ සහායකයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට
වත්තේගම නගර සභා හිටපු සභාපතිවරයා අත්අඩගුවට..
ලාංකිකයින් 17ක් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල
විශේෂාංග
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්
google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...
දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?
වසර ගණනකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආකර්ශනය..
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්
google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...
දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?
වසර ගණනකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආකර්ශනය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය